ව්‍යාජ ලිපියක් ගැන CIDය පරීක්ෂණ අරඹයි

Share

ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය භාවිත කරමින් සමාජ ජාල ඔස්සේ බෙදාහැර ඇති ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

 

ලෝකයේ පැතිරී යන වසංගත තත්ත්වය හේතුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින් මුහුණ දී ඇති මුල්‍ය අපහසුතා හේතුවෙන් ඔවුන්ට සහනයක් සැලසීමේ අරමුණින් වැටුප් දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇති බවට පවසමින් අදාළ ලිපිය අන්තර්ජාලය ඔස්සේ බෙදාහැර තිබේ.

එමගින් අදාළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ බැංකු ගිණුම් ඇතුළු තොරතුරු ද ඉල්ලා තිබිණ.

ජනාධිපති මාධ්‍ය අංශය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම ලිපිය ව්‍යාජ එකක් බවයි.

මෙම ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ ජාල පරිශීලකයින් වෙත යැවීමට යම්කිසි දේශපාලන කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව ද ට්විටර් පණිවුඩයේ සඳහන් ය.

පොලීසිය පැවසුවේ, මේ වනවිටත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

Read more

Local News