ඇඳිරි නීතිය කඩ කළ 466 ක් අත්අඩංගුවට

Share

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 466 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ, වාහන 245 ක් ද සිය භාරයට ගත් බවයි.

ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව සේවය සඳහා යෑමට ලබා දී ඇති අවසරය අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ඊයේ පෙරවරුවේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණ.

මේ අතර පසුගිය මාර්තු මස 20 වැනිදා සිට කළ මෙහෙයුම්වලින් ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 53547 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 14333 කි.

Read more

Local News