ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 82,000කට ආසන්න වී තිබේ.
මාර්තු 20 වන දින පළමු ආසාදිතයා හදුනාගැනිමත් සමඟ මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 81,997ක් බව විදෙස් වාර්තා සදහන් කළේය.
ඉන්දියාව තුළ මේ වන විට කොවිඩ් මරණ 2,649ක් වාර්තා වී තිබේ.
පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 27,969ක් බවයි විදෙස්වාර්තා සදහන් කළේය.
වෛරස ව්‍යාප්තිය වැළැක්විම සදහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍රමෝදි මහතා විසින් මේ වන විට ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.




