සෞඛ්‍ය අමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුඵව අමතයි

Share

කොවිඩ් වසංගතය හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව මෙවර පැවැත්වුයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

 

ඊයේ දින (14) පස්වරුවේ එය ආරම්භ වු අතර මෙවර ආසියානු කලාපය වෙනුවෙන් කරුණු දැක්වීම සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය විසිනි.

කොවිඩ් 19 වෙනුවෙන් ආසියාව තුළ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ක්‍රියාකරන ආකාරය මෙන්ම මෙම වසංගතය නිසා ආසියාතික කලාපයට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග පිළිබඳව අමාත්‍යතුමිය කරුණු විග්‍රහ කරනු ලැබීය.

ලොව තිබෙන ආරක්ෂාකාරීම ආචාර කිරීම මෙම ආසියානු කලාපය තුළ ඇති බව පවසමින් මෙවැනි අපගේ සුවිශේෂි සිරිත් ඉදිරියටම කරගෙන යා යුතු බව ද පැවසීය.

රටවල් 54 ක් සහභාගී වු මෙම සමුළුව දී සියලුම රටවල් විසින් කොවිඩ් මර්දනය සඳහා දායක වීමේ වැදගත්කම ද අවධාරණය විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් තියඩෝර් ගෙබ්‍රයේසුස්  ((Dr Tedros Adhanom Ghebreyesus)) ද මෙම සමුළුවට එක්වෙමින් කොවිඩ් වසංගතය පවතින මොහොතේ වුවද පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් මෙම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට එක්වීම ඉතා අගය කළ යුතු බව පැවසු අතර, මෙසේ ර‍ටවල් එකමුතුව තම අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් මෙම උවදුරට සාර්ථකව මුහුණ දිය හැකි බව ද අවධාරණය කළේය.

මෙම සමුළුවේ තාක්ෂණික ඉදිරිපත් කිරීම පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය පිළිබඳ විද්වත් කමිටුවේ සභාපති විසින් ඉදිරිපත් කළ අතර මෙවර එම සභාපතිධුරය උසුලන්නේ ශ්‍රී ලංකාවේ  සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය විසිනි.

Read more

Local News