සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇපය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රති ශෝධන පෙත්සමට අදාළ ලේඛනවලට රාජිත සේනාරත්න මහතාගේ අත්සන් ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්අධිකරණය අද (15) බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කර තිබේ.
රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කළ බව අප අධිකරණ වාර්තාකරු සදහන් කළේය.
ඇප නියෝගය බල රහිත කරමින් පසුගියදා ලබාදුන් මහාධිකරණ නියෝගයට එරෙහිව රාජිත සේනාරත්න මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් ඊට අදාළ ලේඛන වලට ඒ මහතාගෙන් අත්සන් ලබා ගැනිම සඳහා නීතිඥවරුන්ට ඉඩ සලසා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියොගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරු අද මෝසමක් මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ගෙන් ඉල්ලීමක් කර තිබුණි.
එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රිමාන්ඩ් භාරයේ පසුවන රාජිත සේනාරත්න මහතාගෙන් අදාල ලේඛනවලට අත්සන් ලබා ගැනීම සඳහා ඒ මහතාගේ නීතිඥවරුන්ට අවසර සලසා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කර තිබේ.



