රථවාහන පරීක්ෂා කිරීම් තවදුරටත්

Share

මාර්ග හරහා යොදා තිබු යකඩ ගේට්ටු ඉවත්කළ ද රථවාහන පරීක්ෂා කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

 

ඔහු සදහන් කළේ ඇදිරි නීති බලපත්‍ර මත පමණක් පුද්ගලයන් තවදුරටත් ගමනාගමනයේ යෙදිය යුතු බවයි.

මේ අතර ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (15)  උදෑසන 06.00 සිට අද උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය මාර්තු මස 20 වනදා පස්වරු 06.00 සිට අද පෙරවරු 06.00 දක්වා කාලසීමාව තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 55,706 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඇදිරි නීතිය උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාලව පුද්ගලයින් 12,482 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර පුද්ගලයින් 4808 දෙනෙකුට දඩුවම් පැනවූ බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

Read more

Local News