නෙදර්ලන්තයේ සුනඛයෙකුට සහ බළලුන් තිදෙනෙකුට කොරෝනා

Share

නෙදර්ලන්තයේ සුනඛයෙකුට සහ බළලුන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

 

ඊයේ (15) දිනයේදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී මේ බව තහවුරු වීඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුනඛයා අයත් හිමිකරුට කොරෝනා ආසාදනය වී ඇති අතර ඔහුගෙන් සුනඛයාටවෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් බළලුන් තිදෙනාට වෛරසය ආසාදනය වී ඇති ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.

නෙදර්ලන්තය තුළ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 5643 ක් මියගොස් ඇති අතර 43,681 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

Read more

Local News