ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ඔස්ට්‍රියාව දේශ සීමා සංචරණ තහනම් නීති ලිහිල් කිරීමට තීරණය කර තිබේ.
සති අන්තයේදී එම ලිහිල් කිරීම් සිදුවන අතර එමඟින් අදාල දේශ සීමා වසා දැමීම හේතුවෙන් වෙන් වුණු පිරිස්වලට යලි හමුවීමේ අවස්ථාව උදාවන බව වාර්තා වේ.
කෙසේ වුවද සංචාරකයින්ට තවදුරටත් දේශ සීමා හරහා ගමන් කිරීමට අවස්ථාව නොලැබෙන බව වාර්තා වේ.
පසුගිය මාර්තු මාසයේ සිට එම රටවල් තම දේශ සීමා වසාදැමීමට පියවර ගත්තේය.




