විදෙස් ගත ලාංකිකයින් 39000ක් නැවත පැමිණිමට ඉල්ලීම් කරයි

Share

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 39,000ක් පමණ මෙරටට පැමිණීම සඳහා ඉල්ලීම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

 

ඔවුන් අතර සිසුන් 3000ක්, කෙටිකාලීන වීසා මත විදෙස් ගතවු 4000ක්, රැකියා සදහා පිටත්ව ගොස් සිටින 28,000ක් පමණ වන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

අමාත්‍යාංශය හඳුන්වාදුන්  “කන්ටැක්ට් ශ්‍රී ලංකා” වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රී ලාංකිකයින් 78,000ක් පමණ මේ වන විට ලියාපදිංචි වී තිබේ.

ඉල්ලුම් කළ පිරිස් ගෙන්වා ගැනීමේ දී ප්‍රමුඛතා සැලකිල්ලට ගන්නා බව විදේශ අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

Read more

Local News