කේරළ ගංජා කිලෝ 7ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 07ක තොගයක් සමඟ පුද්ගලයෙකු ගලේවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය ‍නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ත්‍රීරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම්160ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා විය.

පසුව සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවසේ තිබී තවත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක තොගයක් සොයාගෙන ඇත.

සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News