ඉදිරි පැය 6 තුළ දී “අම්ෆන්” සුළි කුණාටුව අතිශයින්ම චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍ය ප්‍රදේශය ආශ්‍රිතව අද(18) 2.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊශාන දෙසින් කිලෝමීටර 740 පමණ නැගෙනහිරට ස්ථාන ගත ව පවතින බවද කාලගුණ අංශ පවසයි.
මෙය උතුරට බරව ඊශාන දෙසට හැරී 20 වන දින වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි ද බලාපොරොත්තු වෙයි.
එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් පවතී.
ඇතැම් ස්ථානවල මිලි මීටර 150 ට වැඩි තද වැසි ඇති වෙයි.
දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 ත් අතර විය හැකියි.
දිවයින පුරා අහස වළාකුළින් බරව පවතී.
දකුණ, බස්නාහිර, සබරගමුව , මධ්‍යම හා වයඹ පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.
එම ස්ථානයන්ට මිලිමීටර 150 ඉක්මවු වැසි ඇති වෙයි.
උතුරු මැද , නැගෙනහිර හා ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.



