කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද(20) දිනයේ සිට අවසර ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල බලශක්ති හා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි පළාත් අතර බස් රථ ධාවනයට අවසර ලබා දී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
දැනට පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් නයින්ටීන් සම්බන්ධව යහපත් තතත්ත්වයක් රට තුළ පවතින්නේ නම් ලබන සඳුදා දිනයේ සිට රට යථා පරිදි පවත්වාගෙන යාමට හැකි වනු ඇති බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ විසින් ලබා දි ඇති උපදෙස්වලට අනුව අද දිනයේ සිට පළාත් අතර බස් රථ ධාවනයට අවශ්‍ය පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.



