COVID 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 15දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.
ඒ අනුව මෙරට තුල COVID 19 ආසාදිතයිගේ ගණන 1486 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ආසාදිතයින් කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථායේ සිටි පිරිසක් බව වාර්තා වේ.
එමෙන්ම අද (28) කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 13 දෙනෙකු අදාල රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් 745 ගණන කි.
මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 731ක් ප්‍රතිකාර ලබමින් සිටියි.
COVID 19 ආසාදනය වී මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 10ක්.



