කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 06 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
ඒ අනුව වෛරසය ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින්ගෙන් 357දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදාව සදහන් කළේය.
මෙරටින් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1486 දෙනෙකු හදුනාගෙන ඇත.



