නිරෝධායන නීති කඩ කළ පිරිස 912ක් දක්වා ඉහළට

පසුගිය මැයි 26 වන දින සිට ඊයේ(29) රාත්‍රී 10.00 තෙක් කාලය තුළ නිරෝධායන නීති රෙගුලාසි උල්ලංඝනය කළ පුද්ගලයින් 912 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය, ජන ජීවිතය හා ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය මැයි 26 වන දින අළුයම 4.00 සිට ලිහිල් කරනු ලැබීය.

ඒ අනුව ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන හා රෙගුලාසි උල්ලංඝනය කිරීම් අනුව මුඛ ආවරණ ‍නොපැළදීම හා පුද්ගල දුරස්ථභාවය තබා නොගැනීම ආදි කරුණු මත මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version