රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමට දීප ව්‍යාප්ත සමීක්‍ෂණයක්

Share

ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන කාර්යාංශය සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා හදුනා ගැනීම සදහා දීප ව්‍යාප්ත සමීක්‍ෂණයක් ක‍්‍රියාත්මක කර ඇත.

රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ සාර්ථකත්වය, ව්‍යාප්තිය සහ සංවර්ධනය සහතික කරවීම සදහා ප‍්‍රතිපත්ති රාමු සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීම මෙහි මූලික අරමුණ වේ. දීප ව්‍යාප්තව උගත් තරුණියන් සහ තරුණයන් විශාල සංඛ්‍යාවක් මෙම රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රය තුළ සාර්ථක ව්‍යවසායකයින් ලෙස ක‍්‍රියාත්මක වන බව සමීක්‍ෂණවලින් හෙලි වී තිබුණි.

මෙම සමීක්‍ෂණ ක‍්‍රියාවලියේ දී ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය හරහා රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ ව්‍යවසායකයින්ට ක්‍ෂේත‍්‍රයේ දී මුහුණපෑමට සිදුවන ගැටළු සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳව තොරතුරු ලබා ගැනීමට කටයුතු කරයි. ඔවුන්ගේ එම අදහස් ඉදිරියේ දී වඩාත් ප‍්‍රායෝගික හා අවශ්‍යතා මත පදනම් වූ ප‍්‍රතිපත්ති රාමු සැකසීම සදහා මඟ පෙන්වීමක් ලෙස යොදා ගනු ඇත.

මෙම යෝජිත ප‍්‍රතිපත්ති රාමු තුඉන් මූල්‍ය ක්‍ෂේත‍්‍රය, තාක්‍ෂණය, කුසලතා සංවර්ධනය, කුසලතා සදහා පිළිගත් සහතික ලබා දීම, ප‍්‍රවර්ධන සහ දැන්වීම්කරණ වැඩසටහන්, භාෂා හැකියාව, වෙබ් අඩවි සංවර්ධනය, පරිගණක සහ අන්තර්ජාල පහසුකම් ඇතුළුව ව්‍යවසායකයින් විසින් ඉල්ලා සිටින අනෙකුත් අවශ්‍යතාවයන්ද හදුනාගෙන ඒවා වෙත ප‍්‍රවේශවීමට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කරනු ඇත.

Read more

Local News