අමෙරිකානු ජාතිකයාගේ මරණය ඝාතනයක් බව ප්‍රකාශයට පත් කරයි

Share

පොලිස් අත්අඩංගුවේ දී මියගිය අමෙරිකානු සම්භවයක් සහිත අමෙරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඝාතනයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

 

නිල මරණ පරීක්ෂණ වාර්තාවෙන් මේ බව ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදි අනාවරණය වී ඇත්තේ ඔහුගේ ගෙළ සිරවීමෙන් ශ්වසනය කිරීමට නොහැකිව මරණය සිදුව ඇති බවයි.

එමෙන්ම ඔහු හෘද රෝගී තත්ත්වයෙන් පසුවන බවත් මරණයට පත්වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට ද අදාළ වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසුව අමෙරිකාවේ අමෙරිකාවේ ප්‍රාන්ත 16කට අයත් නගර 25ක උද්ඝෝෂණ ක්‍රියාත්මක වු අතර එමඟින් පොලිස් නිලධාරීන්ට සහ පොලිසියට අයත් දේපල හා රථ වාහනවලට හානී සිදුවීම් රැසක් ද වාර්තා විය.

Read more

Local News