සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
කොව්ඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙසේ අද දින දිවයිනට පැමිණ තිබේ.
අද සවස 4.15 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.



