ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 42 ක් නාවික හමුදා සමාජිකයින්

Share

මෙරටින් වාර්තාවන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 1797ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ(04) දිනයේ හඳුනා ගැණුනු නව ආසාදිතයින් 48 දෙනා ද සමඟයි.

ඊයෙ දිනයේ හඳුනා ගැණුනු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සමාජිකයින් වන අතර එම සංඛ්‍යාව 42 ක්.

ඔවුන් කන්දකාඩු ,ඔලුවිල් , මිහින්තලේ , අලියකච්චි යන නිරොධායන මධ්‍යය්ස්ථානවල නිරෝධායන වන පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව සඳහන් කළේය.

සෙසු ආසාදිතයින් ඉන්දියාව , ඩුබායි සහ බංග්ලාදේශය යන රට වල සිට දිවයිනට පැමිණ ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 947 දෙනෙකු රෝහල් ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති ගනණ 839ක්.

මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 11 බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News