මෙවර මහනුවර ඇසළ පෙරහැර පැවැත්විම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ලබන 12 වනදා පැවැත්වෙන බව බස්නායකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් පසු ඇසළ පෙරහැර පැවැත්විම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරිමට කටයුතු කරන බවයි.