ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ කිරීම වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය අද(06) සිදු කෙරුණි.
අද අළුයම 05.55 ට යෙදුණු සුභ මොහොතින් කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේය.
ඒ අනුව එළඹෙන 21 වනදා සිට ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යය ආරම්භ වෙයි.