ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 21 ක්- 16 ක් කුවේට් සිට පැමිණි අය

Share

ඊයේ(07) දිනය තුළ පමණක් ආසාදිතයින් 21දෙනෙකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 

ඒ අනුව, මෙරට සමස්ත කොව්ඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1835 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන්ගෙන් 16 දෙනකු කුවේට් හි සිට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයන් වෙයි.

තවත් දෙදෙනෙකු කටාර් හි සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වු අයෙකු සහ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු ඊයේ හඳුනා ගත් ආසාදිතයින් අතර වෙයි.

මේ වන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 941ක් වන  අතර වෛරස ආසාදිතයින් 883 කු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙරට වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් රොගීන්ගෙන් 855 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර ඉන් 488 දෙනෙකු මේ වන විට  සුවය ලබා තිබේ.

Read more

Local News