යක්කල පොලිස් වසමේ කොළඹ – නුවර මාර්ගයේ යක්කල පොලීසිය ඉදිරිපිට සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ(07) රාත්‍රී 11.00 ට පමණ මෙම අනතුර සිදුව ඇත.
පොලීසිය ඉදිරිපිට දී කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වු කැබ් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ මැද ප්‍රතිවිරුද්ධ දිශාවට පැමිණි ඇති ලොරි රථයක ගැටී තිබේ.
එම ලොරි රථය යක්කල පොලිස් ස්ථානය ඉදිරිපිට නවතා තිබු පොලිස් කැබ් රථයක හා යතුරුපැදි තුනක ද ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබු නුවර දෙසට ධාවනය වු කැබ් රථයේ රියදුරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේ දි ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වු වෙරලුගහලන්ද වත්ත, එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
යක්කල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



