සකස් කෙරෙමින් පවතින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක් කර තිබේ.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබද ජනාධිපති කාර්යය සාධක බලකාය ඊයේ(09) ජනාධිපතිවරයා දැනුවත් කළ බව එම මාධ්‍ය අංශය පැවසුවේය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම දරුවෙකුටම අධ්‍යාපනික අවස්ථා යන්න තේමා කරගනිමින් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කෙරෙමින් පවතියි.
පෙර පාසලේ සිට උසස් සහ වෘත්තීය අධ්‍යාපනය දක්වා ආවරණය කෙරෙන පරිදි සියලු නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ සිදුකෙරෙන ඉගැන්වීම් පිළිබඳව ද එහිදි අවධානය යොමුව තිබේ.
වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව මාර්ගගත අධ්‍යාපන ක්‍රමය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



