කොවිඩ්-19 වෛරසය ආසාදනයට ලක් වූ මෙරට සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1857 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ(08) දිනය තුළ පමණක් ආසාදිතයින් විසි දෙදෙනෙකු වාර්තා වන අතර ඉන් 12 දෙනෙකු විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් වෙයි.
කුවේට්හි සිට පැමිණි පුද්ගලයින් අට දෙනෙකු ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගත් පිරිස අතර වෙයි.
ඔවුන් මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ රැදි සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.
තවත් සිව් දෙනෙකු කටුකෙලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැදි සිටි චෙන්නායිහි සිට පැමිණි අය වෙයි.
ඊයේ හඳුනාගත් නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව දස දෙනෙකු වන අතර ඔවුන් ඉයක්කච්චි සහ ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ වන විට පුද්ගලයන් 990 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
එම ප්‍රතිශතය සියයට 53යි දශම 3කි.
තවදුරටත් ආසාදිතයින් 856 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එය සමස්ත ආසාදිතයින්ගෙන් සියයට 46යි දශම එකක් වෙයි.



