පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වෙන දිනය ලෙස ඇතැමුන් තමන්ට රිසි දිනයන් ප්‍රසිද්ධ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අගෝස්තු 4 වන දින සිට අගෝස්තු 19 වන දින තෙක් සියලු දින ප්‍රසිද්ධ කරන බවද පැවසු ඒ මහතා, සෙනසුරාදා දිනක මැතිවරණය පැවැත් වෙන බැවින් 8 වන දා හා 15 වන දින බොහෝ විට ඇතැමුන් පවසන බවද කියා සිටියේය.
යම් හෙයකින් මෙම දින දෙකකින් එකක මැතිවරණය පැවැත් වුවහොත් යම් පක්ෂපාතීත්වයක් ඇතැයි චෝදනා එල්ල විය හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මැතිවරණ දිනය තීරණය කිරීමට කොමිසමට ඉඩ දෙන ලෙසත් පැවසු ඒ මහතා, තමන්ගේ රස්සාව වෙන අයෙක් කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කර සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවට පවසා ඇති බැවින් එක් දිනයක් මේ සඳහා නියම කළ යුතු යැයි ද පැවසීය.
ඡන්ද විමසීමට කොපමණ කාලයක් ගත වුවත් වෙනදා පැවති මැතිවරණයන්ට වඩා බොහෝ වෙහෙස කර වෙනු ඇතැයි ද පැවසු මහින්ද දේශප්‍රිය මහතා, මහමැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්ක 22ට තරග වදින සියලු අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය මඟින් නිකුත් කර ඇති බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය දේශපාලන පක්ෂ වෙතද යොමු කර ඇති බවයි.
අද(09) පෙරවරුවේ එම කොමිෂන් සභා කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් ඒ මහතා මෙම අදහස් පළ කළේය.



