දිස්ත්‍රික්ක 12ක් කේන්ද්‍ර කර ගනිමින් පෙරහුරු මැතිවරණක්

Share

දිස්ත්‍රික්ක 12ක් කේන්ද්‍ර කර ගනිමින් පෙරහුරු මැතිවරණයක් ලබන සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වීමට නියමිතව ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

 

ඒ, මහ මැතිවරණය උදෙසා සෞඛ්‍ය නීති පිළිපදිමින් ය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, කොළඹ, කළුතර, යාපනය, මුලතිව් අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවල පෙරහුරු මැතිවරණය පැවැත්වීමට නියමිත බවය.

මීට අමතරව, බදුල්ල, මොණරාගල, මඩකලපුව, සහ කුරුණෑගල , පුත්තලම යන දිස්ත්‍රික්කවල ද පෙරහුරු මැතිවරණය පැවැත්වීමට නියමිත ය.

සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව ද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ය.

දුරස්ථභාවය පවත්වාගෙන යමින් මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිත කරමින් ජාතික හැඳුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වීමට නියමිත ය.

මීට පෙර මෙවැනිම පෙරහුරු මැතිවරණයක් පසුගිය 07 වැනිදා අම්බන්ගොඩදී පැවැත්විය.

Read more

Local News