දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව විසින් තවත් පැමිණිලි කිහිපයක විමර්ශන කටයුතු ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ.
ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය විසින් මූලික විමර්ශන අවසන් කළ පැමිණිලිවල සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
ඊටඅදාල පාර්ශව වෙත සිතාසි නිකුත් කිරීම අද (10) දිනයේ සිදුකිරීමට නියමිතයි.
ජනාධිපති කොමිසමේ කටයුතු තවදුරටත් පුළුල් කරමින් එම සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කෙරෙන බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.



