මහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට අදාල ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත.
අංක 2172/03 හා 2020.04.20 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මෙම නව ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර තිබේ.
මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (10) සඳහන් කළේය.
ඒ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක දීය.
ජූනි මස 20 වන දා පැවැත්වීමට නියමිතව තිබු මහ මැතිවරණය, 2020 අගෝස්තු මස 5 වන දින පැවැත්වීමට සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ඒකමතිකව තීරණය කළ බව මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේය.
මේ අතර අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකළ යුත්තේ නිරෝධායන නීතිය සහ මැතිවරණ නීතියට අනුකූලව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.



