උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන යළි විවෘත කෙරේ

Share

උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන මෙම මස 15 දින සිට යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න මහතා පවසයි.

 

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු සියලු සත්ත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සත්ත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන ලබන 15 වනදා සිට මහජනතාව සදහා විවෘත කෙරෙන බවයි පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසුවේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් පසුගිය මාර්තු මස 14වනදා සිට මෙරට සියලු සත්ත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන වසා දැමීමට පියවර ගැනුණි.

Read more

Local News