නැගෙනහිර සියලු පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමට පියවර

Share

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ආගමික වෙනස්කම් නොසලකා නැගෙනහිර පළාතේ සියලූම පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමේ කාර්යය පැවරී ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි.

 

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමන් කළමනාකරයණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාරම්භක රැස්වීම අද (10) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ජාතිය, ආගම හා වෙනත් වෙනස්කම් නොසළකා නැගෙනහිර පළාතේ ඇති ඓතිහාසික උරුමයන් අනාගත පරපුර සඳහා ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත සහාය දෙන ලෙසද ආරක්ෂක ලේකම්වරයා සියලු ශ්‍රී ලාංකීකයන්ගෙන් ඉල්ලා සිටියේය.

එම ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන යථා තත්ත්වයට පත් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා නැගෙනහිර පළාතේ සියලූම ජනවාර්ගික කණ්ඩායම් සමඟ ජනාධිපති කාර්ය සාධක බලකාය සමීපව කටයුතු කරන බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

Read more

Local News