ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නීති දැඩි කරයි

Share

ශාරීරික, මානසික, ලිංගික හා නොසලකා හැරීම් යන සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

 

ළමා ආරක්ෂක අධිකාරිය සතු බලතල ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා කරන හෝ ප්‍රතිරෝධය පාන සෑම තැනැත්තෙක්ම වරදක් සිදු කරන බවත් එම තැනැත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ගන්නා බවත් එහි සභාපතී මහාචාර්ය මුදිත විදානපතිරණ පැවසීය.

ළමා ආරක්ෂාව තහවුරු කිරීම හා ළමයින්ගේ උපරිම යහපත සැලසිම සඳහා සියලු පුද්ගලයන් හා පාර්ශවයන් වගකීමෙන් යුතුව, එක්ව කටයුතු කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින් මහාචාර්ය මුදිත විදානපතිරණ කීය

Read more

Local News