ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 8 ක් නාවික හමුදා සාමාජිකයින්

Share

කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුණු තවත් පුද්ගලයින් 10 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනා ගෙන තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එම හඳුනා ගැණුනු රෝගීන් දස දෙනාත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1869 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඊයේ දිනයේ දී හඳුනා ගැණුනු රෝගීන් දස දෙනා අතර නාවික හමුදා සාමාජිකයින් 08 දෙනෙකු වන බව සඳහන් වෙයි.

ඔවුන්ගෙන් 07 දෙනෙකු ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය වන අතර අනෙක් නාවික හමුදා සාමාජිකයා මුලතිව් නාවික හමුදා මධ්‍යස්ථානයේ සිටි අයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊයේ දිනයේ හඳුනා ගැණුනු අනෙක් රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙකු කටාර් හි සිට පැමිණ පලගහතැන්න නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා මුම්බායි හි සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි අයෙකු බව සඳහන්.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 736 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 1122 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News