ඇවන්ගාඩ් සමාගමට අයත් නෞකාවක නාවිකයින් හුවමාරුවක්

Share

ඇවන්ගාඩ් සමාගමට අයත් නෞකාවක සේවය කරන  නාවිකයින් 117 දෙනෙකු හුවමාරු කිරිම සඳහා ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

 

ඊයේ (10) රාත්‍රියේ මෙම පිරිස ස්පයිස් ජෙට් ගුවන් සේවයේ ගුවන් යානයකින්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණි බව “අප ගුවන්තොටුපල වාර්තාකරු“ සඳහන් කළේය.

දිවයිනට පැමිණි ඔවුන් ගුවන්තොටුපලේ දී පී.සී.ආර් පරික්ෂණය සිදු කර නිරෝධායන කටයුතු සඳහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.

මේ ආකාරයට පසුගිය 06 වන දින රාත්‍රියේ ද ඇවන්ගාඩ් සමාගමට අයත් නෞකාවක සේවය කරන නාවිකයින් 86 දෙනෙකු හුවමාරු කිරිම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන ආවේය.

Read more

Local News