ඇප අයඳුම්පත් සලකා බැලීමට නව ක්‍රමවේදයක්

Share

බන්ධනාගාර රැඳවියන්ගේ ඇප අයඳුම්පත් සලකා බැලීම හා රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීම සඳහා වීඩියෝ සාකච්ඡා පද්ධති භාවිත කිරීමට කිරීමට මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

 

රට පුරා බන්ධනාගාර 23ක 15,000ක් පමණ රැඳවියන් සිටින අතර ඔවුන්ගෙන් 5400 ක් පමණ දෛනිකව අධිකරණ වෙත ඉදිරිපත් කළ යුතුව ඇත.

මෙරට පවතින කොවිඩ් වසංගත තත්ත්වය මෙන්ම පසුගිය කාලයේ දී රිමාන්ඩ් රැඳවියන් ප්‍රවාහනය කරමින් සිටිය දී සිදුවු ප්‍රහාර හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

සිදුවූ සමහර ප්‍රහාර හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ද ජීවිතක්ෂයට පත් වීම සැලකිල්ලට ගෙන රැඳවියන් බන්ධනාගාරය තුළ සිටියදීම ඔවුන්ගේ ඇප අයදුම්පත් වීඩියෝ තාක්ෂණය භාවිත කරමින් සලකා බැලීමට කටයුතු සැලසුම් කර ඇත.

එම වැඩසටහනේ පළමු අදියර වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ අධිකරණ ශාලා 23ක් සහ බන්ධනාගාර 04ක ආවරණය කරමින් යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

Read more

Local News