තැපැල් ඡන්ද විමසීම ජූලි 13, 14, 15 සහ 16 – ජාතික මැතිවරණ කොමිසම

Share

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම දින හතරකදී පවත්වන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

 

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ජූලි 13, 14, 15 සහ 16 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදු කරන බවය.

ඊට අදාළ ඡන්දය සළකුණු කිරීමේ ක්‍රමවේදය සහ එහිදී පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මාලාව ඉදිරියේදී නිකුත් කරන බව ද ඔහු පැවසුවේ ය.

මෙවර මහ මැතිවරණය අගෝස්තු 5 වැනි දා පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඊයේ නිවේදනය කළේ ය.

Read more

Local News