තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඔවුන් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් වේ.
මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1875 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 28 දෙනෙකු අද දිනයේ ද පුර්ණ සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 1150 දක්වා ඉහළ ගියේය.
රෝහල් ගතවතවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 714ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින්ගෙන් 650 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය තිබේ.



