ආපන ශාලා හිමිකරුවන් දෙදෙනෙකුට වසර 1446 ක සිර දඩුවමක්

Share

ආහාර ප්‍රවර්ධන වැඩසටහනක් හරහා මහා පරිමාන මූල්‍ය වංචාවක් සිදු කළ ආපන ශාලාවක හිමිකරුවන් දෙදෙනෙකුට තායිලන්ත අධිකරණයක් විසින් වසර 1446 ක සිර දඩුවම් නියම කර තිබේ.

 

අදාළ ආපනශාලාවේ හිමිකරුවන් විසින් පසුගිය වසරේ මෙම ආහාර ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබුණි.

ඒ සඳහා පුද්ගලයින් 20,000කට වැඩි පිරිසක් ඩොලර් මිලියන 1.6ක පමණ වටිනාකමින් යුතු වව්චර්පත් මිලදී ගෙන ඇතැයි පැවසේ.

කෙසේවෙතත් අදාළ ආපන ශාලාව හදිසියේම වසා දමා ඇති අතර වව්චර්පත් මිලදී ගත් පුද්ගලයින් විසින් එහි හිමිකරුවන්ට එරෙහිව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් චෝදනාවලට වරදකරුවන් විම හේතුවෙන් එක් අයෙකුට වසර 1446 බැගින් සිර දඩුවම් නියම කර තිබේ.

Read more

Local News