ඉන්දියාවේ පළමුවරට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 135,205 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 133,632 කි.
කෙසේවෙතත් ඉන්දියාව තුළ දෛනිකව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තාවිම සීඝ්‍රයෙන් ඉහල යමින් පවතින අතර මුම්බායි සහ දිල්ලි යන නගරවලින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වේ.




