ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනා ගනී

Share

ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

 

එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් එම අවදානම් කලාප හඳුනාගෙන ඇති බවය.

මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල අද සිට තෙදින මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.

Read more

Local News