මින් ඉදිරියට උද්ඝෝෂණ හා පෙළපාලි විසුරුවා හැරීමේදී පහරදීම් සිදු නොකර විකල්ප ක්‍රම භාවිත කිරීමට රජය තීරණය කර තිබෙන බව සමකැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් පෙරේදා කොළඹදී පැවත් වූ විරෝධතාවක් විසුරුවා හැරීමේදී ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



