ලාහෝරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

Share

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පාකිස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙකු අද (15) දින අලුයම දිවයිනට ළඟා වී තිබේ.

 

කරච්චි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පැමිණ ඇත.

පකිස්ථානයේ ලාහෝර් නුවර සහ පසුව කරච්චි නුවර ගුවන් තොටුපළ දෙකම වෙත ගොස්, ඒවායේ රැඳී සිටි මෙම ගුවන් මගීන් පිරිස රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1282 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව, පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ඔවුන් යොමු කර තිබේ.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අසල ඇති හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා තිබුණි.

Read more

Local News