රාජිත-පාඨලි-අර්ජුන හා අනුර කුමාර ඇතුළු 17කට නොතීසි

Share

ඇවන්ට් ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් අලාභ සිදුවූ බව පවසමින් එහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාලව දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම විසින් පාර්ශව 17 කට සිතාසි නිකුත් කර තිබේ.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු පාර්ශ්ව 17 කට ලබන 17 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ අනුව හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග, අනුර කුමාර දිසානායක, ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්ම මහත්මීන් වෙත සිතාසි නිකුත් කර තිබේ.

ඊට අමතරව හිටපු විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩී.ගුණවර්ධන, ලුතිනන් කමාන්ඩර් ඩබ්ලිව්.එච්.පී වීරසිංහ, රියර් අද්මිරාල් ජේ.ජේ.රණසිංහ, රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ගාල්ල වරාය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක අලුත්ගේ සෙනරත් හා සහකාර පොලිස් අධිකාරී ලසන්ත රත්නායක, වසන්ත නවරත්න බණ්ඩාර, රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ජනක බණ්ඩාර යන අයට මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

Read more

Local News