මහ මැතිවරණයට අදාළව ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර් හා කටවුට් ඉවත් කිරිම සඳහා කම්කරුවන් බඳවා ගන්නා බව පොලීසීය පවසයි.
අවශ්‍යතාව මත පොලිස් ස්ථාන හරහා අදාළ බඳවා ගැනීම් සිදු කෙරෙනු ඇති.
පසුගිය 14 වැනිදා සිට මේ දක්වා කාලය තුළ දිවයින පුරා පැවති පෝස්ටර් සහ කටවුට් 12084 ක් ඉවත් කර තිබේ.
මෙම සතිය තුළ ඉතිරි පෝස්ටර් සහ කටවුට් ඉවත් කරන බව පොලීසීය සඳහන් කළේ ය.



