කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1946 ක් දක්වා ඉහළට

Share

මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1946 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ (18) දිනය තුළ නව ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගැණුනි.

ඔවුන්ගෙන් 18 දෙනෙකු ඩුබායි හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

කුවේටි හි සිට පැමිණි දෙදෙනෙකු , ලන්ඩන් සහ  රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් අතර වේ.

මේ අතර සුවය ලැබු පුද්ගලයන් 24 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව තවත් ආසාදිතයන් 514 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මළපහ විෂ බිජ මගින් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විය හැකි බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස  වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග  විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මහජනතාවට දැනුම්දෙයි.

Read more

Local News