සිරිකොත ඇතුළෙ මහ බැංකු හොරු එකෙක්වත් නෑ

Share

ජනාධිපතිවරයා මහබැංකු නිලධාරීන් සමග කළ ප්‍රකාශය හා ගත් ක්‍රියාමාර්ග එක්සත් ජාතික පක්ෂය අගය කර තිබේ.

 

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඒ පිළිබඳව අදහස් පළ කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිස්වලට ඇතැම් මහ බැංකු නිලධාරින් බියෙන් කටයුතු කරන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ක්ෂුද්‍ර මූල්‍ය පණතක් ගෙනවිත් එමඟින් සියයට 3කට වඩා ණය අය නොකරන ලෙස  නියෝග කළ ද මහ බැංකු නිලධාරින් විසින්ම එය නතර කළ බවත් පසුව සියලු දෝෂාරෝපණ මුදල් ඇමතිට එල්ල වු බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේය.

”අවුරුදු 5ක් ගෙන ගිය සටන මම සතුටු වෙනවා. අපේ මතයට ජනාධිපතිතුමා එකතුවෙලා තිබෙන එක ගැන. දැන් ජනාධිපතිතුමා දවස් 2ට ඉස්සෙල්ලා එක පාරට උදේ සාකච්චාවක් තියලා සැබැ තත්වය කියලා දුන්නනේ මහ බැංකුවට. කිව්වා මේක මාස 7ක් බලන් සිටියා හෙට වෙන්න ඉස්සෙල්ලා පොලි අනුපාතය 2% න් අඩු කරනවා. අනේ දෙයියනේ කියනකන් ඉන්න ඕන ද මේක කරන්න. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කට්ටිය ආවම මහ බැංකුවේ අය වෙව්ලනවා. එනකොට මුදල් ආමාත්‍යංශයේ මේකට යමක් කිව්වොක් ඒගොල්ලෝ අප් සෙට්. පෙන්ෂන් ගියාට පස්සේ යන්නේ ඔතනට. උන්ගේ ප්‍රතිපත්තිය මෙහේ. මේ සුද්දෝ දන්නවද අපේ රට යන්න පුළුවන් කොහොමද කියලා. අපි මුදල් ආමාක්‍යංශයක් දිව්වේ, අපේ කාලේ තැබෑරුමක් අරක්කු නැතුව දිව්වේ. කවුද එතන හිටියේ ? මහ බැංකුවේ නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා. ඊට පස්සේ හිටියේ බැංකුවල ඇමති කබීර් හසීම් . මේවට උත්තර දෙන්නේ කවුද? නිකරුනේ ප්‍රශ්න ඇති කරනවා” 

ප්‍රශ්නය : ඔය දේශපාලනික අවශ්‍යතාවය මතද එතකොට අර්ජුන් මහේනුද්‍රනුත් මහ බැංකු අධිපති වුණේ?

පිළිතුර –
” ඒක මම දන්නේ නෑ. පත්කරපු ඒ අයගෙන් අහන්න වෙන්නේ. පත් කරේ නීත්‍යානුකූලව මෛත්‍රීපාල සිරිසේන. නමුත් එවකට හිටපු අගමැතිගේ ඉල්ලීම මත. ඔක අහන්න ඕන අපිත් නිවාඩ් කබ්රාල් පත් කරේ කොහොමද කියලා අහනවාද? ඊට පස්සේ 2000 පත්කරපු මෙන්ඩිස් මහත්තයා පත්කරේ. ඔබතුමාලා මේ කුහක භාවය එක තැනකට එනවා. කරුණාකරලා මේ හූනියම නවත්තන්න. හැම වේලාවෙ මම මේ නිර්භිතව තනියෙන් හැංගෙන්නේ නැතුව උත්තර දෙන්නේ අපට කරන්න දෙයක් නෑ. තමාලා අපිව වක්‍රශිලිව ගන්නවා. ඇයි නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වාගෙන් අහන්නේ නැත්තේ? එතකොට ඊට පස්සේ ආව බැංකු දුවන කට්ටිය? අහන්න. මේ ඡන්ද කාලේ

ප්‍රශ්නය : මේ ප්‍රශ්නෙ ඊයේ අහනවා. අහනකොට ඔය පුටුවෙම ඉදගෙන දඩල්ලගේ මහත්මයා උත්තර දෙනවා. අපි අහන්නේ මහ බැංකු හොරු සිරිකොත ඇතුලේ නෑ කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද? එතුමා හිටපු රාජ්‍ය නිලධාරියෙක්.එතුමා කියනවා මට බෑ කියලා. එතුමටක් මේ සිරිකොතේ ඉන්න පිරිස ගැන විශ්වාසයක් නෑ.

පිළිතුර : ඒක ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන් . මම කියන්නම් හොදම දේ තමයි. ඔබතුහා ඒජන්ලා තුලින් නැතුව කියන ටික ගේන්න මෙහාට. සජිත්ට එන්න කියන්න මෙහාට. ඒ කටිටයට එන්න කියන්න උත්තර දෙන්න. කවදාකවත් එන්නේ නැ. ඕගොල්ලෝ වැනි ප්‍රොක්සි තුලින් තමයි උත්තර අහන්නේ.

ප්‍රශ්නය : -ඔබතුමාට කියන්න පුළුවන්ද සිරිකොතේ ඇතුලේ මහ බැංකු හොරු නෑ කියලා?

පිළිතුර : නෑ. එකෙක්වත් නෑ. එකෙක්වත් නෑ මම වගකීමකින් කියන්නේ.

Read more

Local News