ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 98 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙල්බර්න් නුවර සිට එම පිරිස අද (19) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.
ඔවුන් අතරින් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් වේ.
මේ අතර ඉන්දීය ජාතික නාවිකයන් 58 දෙනෙකු චෙන්නායි නුවර සිට ඊයේ (18) රාත්‍රි මෙරටට පැමිණ තිබේ.
ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සඳහා පැමිණි එම පිරිස කටුනායක ගුවන් තොටුපළේ දි පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.
පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ඔවුන් ගුවන් තොටුපළ අවට හෝටල් කීහිපයක තාවකාලිකව රඳවා තැබීමට පියවර ගෙන තිබේ.



