තවත් පෙරහුරු මැතිවරණයක් ලබන සෙනසුරාදාට

Share

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ අනුව තවත් පෙරහුරු මැතිවරණයක් ලබන සෙනසුරාදා පැවැත්වේ.

 

මැතිවරණ කොමිසම සඳහන් කළේ මට්ටක්කුලිය හා දෙමටගොඩ ප්‍රදේශවල මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වෙන බවයි.

එහිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මහ මැතිවරණය පැවැත්වීමේදී කළ යුතු ක්‍රියා පිළිවෙත් පිළිබඳ ඡන්ද දායකයින් මෙන්ම නිලධාරීන්ද දැනුවත් කළ බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

දිස්ත්‍රික්ක 15 ක පෙරහුරු මැතිවරණ මේ වනවිට පවත්වා අවසන් ය.

මේ අතර , රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, මේ වනවිට නිල දිස්ත්‍රික්ක 17 ක ජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇති බවයි.

ඉන් දිස්ත්‍රික්ක 10 ක නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාර දුන් බව ඇය සඳහන් කළාය.

Read more

Local News