රජයට පැහැදිලි ආර්ථික දර්ශනයක් නෑ – සජිත්

Share

එළඹෙන මහා මැතිවරණයෙන් අනතුරුව මෙරට ආර්ථික පුනර්ජීවනය ඇති කිරීමට තම පක්ෂය කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ ඊයේ (21) පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින් නව දැක්මක් ඔස්සේ ආර්ථිකය පණගැන්වීමට තමා ඇතුළු කණ්ඩායම සුදානම් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පැහැදිලි ආර්ථික දර්ශනයක් රජයට නොමැති බවද පැවසු ප්‍රේමදාස මහතා, අභියෝග හඳුනාගෙන උපායශීලිව ඒවාට මුහුණ දෙන ක්‍රමවේදයක් ද රජයට නොමැති බව පැවසීය.

ආර්ථික කේෂ්ත්‍රයේ විශාල වශයෙන් කඩා වැටීමක් ඇති බවත් පැවසු ඔහු, ආර්ථිකය නඟා සිටුවීම සඳහා “ආර්ථිකයට ඔක්සිජන්“ ලබා දිය යුතු බවද කියා සිටියේය.

ආර්ථික උත්තේජක පැකේජයක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද පැවසු ප්‍රේමදාස මහතා, මෙම පැකේජය ලබා දීමට රජය අපොහොසත්ව ඇතැයි ද පැවසීය.

මුල සිට නිවැරදිව ආර්ථිකය පාලනය කළේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවන බවද පැවසු ප්‍රේමදාස මහතා මෙම තත්ත්වය තුළ නව්‍යතාවයකින් යුතුව ආර්ථිකය ගොඩනැඟීමට සිදුව ඇතැයි ද කියා සිටියේය.

මහ මැතිවරණයේ දී සමගි ජනබලවේගය දිනවන විට මෙරට ජනතාවගේ ආර්ථික පුනර්ජීවයට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News