ඉදිරි මහ මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 18ක ජන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර අවසන් කර තිබෙන බව රජයේ මුද්‍රණාලාධිපතිණි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සදහන් කරයි.
මේ වන විට දිස්ත්‍රික්ක 11 ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දි ඇත.
ඒ අනුව ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම විසින් අදාළ දිස්ත්‍රික්ක වෙත බෙදා හැරිමට කටයුතු කිරිමට නියම්තව තිබේ.
එමෙන්ම ගෘහ දැන්වීම් පත්‍රිකා එළඹෙන 25 වනදාට ප්‍රථම මුද්‍රණය කර අවසන් කිරිමට කටයුතු කරන බවද ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
මේ අතර උතුරු පළාතේ මැතිවරණ රාජකාරියේ නිරත වන රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ, මන්නාරමේ හා මුලතිව් අවතැන් වු ඡන්ද දායකයින්ට ඡන්ද මධ්‍යස්ථාන පැවැත් වීමට සිදුව ඇති බවයි.
ගුවන් විදුලි , රූපවාහිනිවල හා පුවත්පත්වල දැන්වීම් මුදල් ගෙවා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කිසිවක් කිරීමට බලයක් නොමැති බවද පැවසු මහින්ද දේශප්‍රිය මහතා, ප්රවෘත්ති හා වෙනත් වැඩසටහන් තුළින් අපේක්ෂකයින්ට සම අවකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද පැවසීය.
මේ අතර මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුකූලව අනුගමනය කළ යුතු සෞඛ්‍යමය නිර්දේශ මෙම ගැසට් පත්‍රයේ අන්තර්ගත බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේය.



